2022 (2023) උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 1,450 සිට රුපියල් 2,000ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2023 (2024) උසස් පෙළ විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන ප්‍රධාන පාලක පරීක්ෂකවරුන්, සම පාලක පරීක්ෂකවරුන්, ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් සඳහා සමස්ත කාර්ය වෙනුවෙන් 2022 (2023) උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා සංශෝධනය කර ගෙවන ලද දීමනාව 2023 (2024) උසස් පෙළ විභාගයේ ඇගයීම් කාර්යයන් සඳහා ගෙවීමටද නියමිත බවයි වාර්තා වන්නේ.