ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (29) රාත්රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්රදේශයේදීයි.
මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.