26.5 C
Colombo
Wednesday, January 1, 2025

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක්  අනුමත කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ වගකීමට යටත්ව  සමස්ත ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ලංකා විදුලි සමාගමට ලබා දීමට නියමිත බවයි.

මෙමඟින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරෙනවා  .

ශ්‍රී ලංකාව 2016 දී වසරේදී නිවාස සඳහා විදුලි බලය සැපයීම 100% කින් සපුරා ගැනීමර සමත් වූ අතර 2023 වසරේදී පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබීමත් සමඟ මෙරට විදුලි බල ඉල්ලුම එහි උපරිම අගය වාර්තා කරමින් මෙගාවොට් 2,800 (MW) දක්වා ළඟා වුණා.

එමෙන්ම එය එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් පාරිභෝගිකයන් වෙත විදුලිය බෙදා හැරීම සම්බන්ධයෙන් වග කිව යුතු ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සහ ලංකා විදුලි සමාගමේ (LECO) ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීමටද අපේක්ෂිතයි.

RECENT ARTICLES - SINHALA

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ...

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

POPULAR ARTICLES

නාමල් කුමාර අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකළ බවයි. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ...

ජේජු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් ගත් දත්ත ගැන අනාවරණයක්

මගීන් 179කට ඉකුත් දා දිවි අහිමි කරමින් කඩා වැටුණු ජෙජු එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයේ ගුවන්යානයේ කළු පෙට්ටියක දත්ත ලබා ගැනීම...

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...