24 C
Colombo
Tuesday, January 21, 2025

ඇමරිකාවේ ඔත්තු බලන්න චීනයෙන් බැලුමක්

- Advertisement -

දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයට බැලූනය නිරීක්ෂණය වී තිබුණි.

ගුවන් කලාපයට ඇතුළුවූ වහාම බැලුනය අමෙරිකානු නිරීක්ෂණයට පත්වූ බවත්, ගුවන් හමුදාවට අයත් යානාවක් යොදවා එහි ගමන්මඟ නිරීක්ෂණය කර ඇති බවත් නිල නොවන වාර්තාවන් හි දැක්වෙයි.

එමෙන්ම එය වෙඩිතබා බිම හෙළීමට යෝජනා වී තිබුණත්, බැලූනයේ සුන්බුන් ඇද වැටීමෙන් ඇති විය හැකි ආරක්ෂක තර්ජනය සලකා එම අදහස අත්හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

බයිඩන් පරිපාලනයේ පළමු නිලධාරියා ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් දින කිහිපයකින් චීනයේ සංචාරය කිරීමට නියමිත පසුබිමක මෙම පුවත වාර්තා වීම විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...