29.2 C
Colombo
Friday, April 11, 2025

සීදුව වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් එළියට

- Advertisement -

සීදුව වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයින් තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

සීදුව, ලියනගේමුල්ල වෙළබඩපාර ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (28) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනායි.

ඔවුන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහළට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ, එම පවුලේ වැඩිමහල් පුත්‍රයා වන 53 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි ව්‍යාපාරිකයා මේ වනවිට මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩික්කරුවන් , වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ අතර පසුව ඔවුන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ වෙඩික්කරුවන් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෙසේවෙතත්,වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සීදුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

දළදා මාළිඟාවටත් බෝම්බ ගහපු කට්ටියක් මේ ඉන්නේ – හර්ෂණ

ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කර එතුමාට ප්‍රහාර එල්ල කිරීමට නාට්‍යයක් නිර්මාණය කළද, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ...

POPULAR ARTICLES

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...