25 C
Colombo
Monday, October 7, 2024

පොත් ප්‍රදර්ශනේදී මාධවේදියෙක් අත්අඩංගුවට

- Advertisement -

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අද (03) පස්වරුවේ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ පොත් ප්‍රදර්ශන භූමියේ ඇති සරසවි පොත් හලේ ප්‍රදර්ශනය කුටිය ඉදිරිපිට සිදුවූ පහරදීමේ සිදුවීමකි.

සරසවි පොත් කුටියේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයෙකු හා තරුණයෙකු බහින්බස්වීමක් සිදුවී අදාළ ආරක්ෂකයා මෙම තරුණයාට පහරදීමට පටන්ගෙන තිබෙනවා.

එය දුටු තමන් ඊට විරෝධය පලකර පොත් ප්‍රදර්ශනයට පුද්ගලයන් පැමිණෙන්නේ ගුටිකෑමට නොවන බව පැවසුවත් එය නොතකා මෙම ආරක්ෂකයා තරුණයාට තවදුරටත් පහරදුන් බව කල්ප ගුණරත්න මහතා පවසනවා.

පසුව අදාළ සිදුවීම කල්ප ගුණරත්න මහතා වීඩියෝ කරන අතරතුර එම ස්ථානයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය භාර පොලිස් නිලධාරී සී.අයි. නියෝමාල් මහතා පැමිණි අවස්ථාවේ සරසවි පොත් හලේ ආරක්ෂකයන් පවසා ඇත්තේ කල්ප ගුණරත්න මහතා වීඩියෝ කිරීම හේතුවෙන් මෙම ස්ථානයේ කළබලයක් ඇතිවූ බවයි.

අනතුරුව ඔහු සතු පැරණි මාධ්‍ය හැඳුනුම්පත් දෙකක් බලහත්කාරයෙන් තමන් සන්තකයට ගෙන වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් නොමැති බව පවසා නියෝමාල් නැමැති පොලිස් නිලධාරියා කල්ප ගුණරත්න මහතාව කුරුඳුවත්ත පොලීසියට රැගෙන ගොස් තිබුණා.

කුරුඳුවත්ත පොලීසියේදී ඔහුම පැමිණිල්ලක් පොලිස් පොතේ ලියා කල්ප ගුණරත්න මහතාට අපූරු චෝදනාවක් ගොනුකර තිබෙනවා.

ඒ BMICH පරිශ්‍රයේ ඔහු මහජන සාමය කඩවන අයුරින් කටයුතු කළ බවයි.

ඒ අනුව පැය තුනකට අධික කාලයක් කල්ප ගුණරත්න මහතාට මෙම පොලිස් නාටකය නිසාවෙන් පොලිස් කූඩුවේ සිටීමට සිදුවූ අතර පසුව මාධ්‍ය නීති සංසදයේ නීතිඥවරුන් පැමිණ පොලිස් ඇප ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා.

නියෝමාල් නැමැති මෙම නිලධාරියා සරසවි පොත්හලේ ආරක්ෂකයාගෙන් පහරකෑමට ලක්වූ තරුණයා පිළිබදව කිසිවක් විදු නොකළ පසුබිමක එම තරුණයාම පොලීසියට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වන විටත් පහර කෑමෙන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ගේ ආරක්ෂාව ගැන බොරු කියලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මේ වන විටත් හිටපු...

කල්ප ගුණරත්න අත්අඩංගුවට ගැනිම ගැන සජබෙන් නිවේදනයක්

පසුගිය බ්‍රහස්පතින්දා (03) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අත්තනෝමතික ලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ...

මහමැතිවරණය තහනම් වු පක්ෂ මෙන්න

ඉදිරි මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 06කට තරග කිරීමට අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය,ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ,එක්සත් ලංකා...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...