මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ පෞද්ගලික නිවස ඉදිරිපිටදී පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
54 හැවිරිදි මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ නිවස අසළට යෑමට උත්සහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එය වැළැක්වීමත් සමඟ ඔහු අසළ ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරකට නැඟ සිය විරෝධය පලකර තිබෙනවා.
ඔහු ජජනාධිපතිවරයාගෙන්ල්ලා ඇත්තේ මෙම විදුලි විසන්ධි කිරීමේ ක්‍රියාවලිය නවතා දමන ලෙසයි.
එහිදී ඔහු විදුලි කම්බි දෙකක් එකවර ස්පර්ශ කර සියදිවි නසාගැනීමට තැත්කර කර ගැනීමේදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
නානායක්කාර නම් මෙම පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ
