ඊශ්‍රායලයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඊට 500,000ක පමණ ජනකායක් එක්ව සිටි බවයි.
හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට කටයුතු කරන ලෙස එරට රජයට බලකරමින් එම උද්ඝෝෂණය පවත්වා තිබෙනවා.
පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙක් හමාස් සංවිධානය විසින් රෆා හි උමඟක දී ඝාතනය කර තිබුණා.
ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි 4 දෙනෙක් සිටි බවට වාර්තා වුණා.
තවත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ හමාස් භාරයේ සිටින බවත් ඉන් 30 දෙනෙක් පමණ මියගොස් ඇති බවත් සඳහන්.
එම උද්ඝෝෂණ ටෙල් අවීව්, ජෙරුසලම් සහ අනෙක් ප්‍රධාන නගර වල පැවැත්වා තිබුණා.