ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර පසුගියදා (10) බලශක්ති අමාත්‍යංශයේදී හමුවක් සිදුව තිබෙනවා.
රජයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සදහා සිය රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බව එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම, නව රජයේ ප්‍රතිපත්ති වලට අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් සමීප සබදතා ඉදිරියේදීත් වර්ධනය කර ගැනීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කර තිබුණා.
එමෙන්ම, ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් සිදු කරන ඉන්දියානු සුර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු කරන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.