26 C
Colombo
Thursday, November 7, 2024

අගමැති හරිනි සහ ICC නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

- Advertisement -

ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් සිදුව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර මෙම හමුව සිදුවුණා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය.

මෙම සාකච්ඡාවේදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත්, ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයත් අවධාරණය කළා.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆිගෙන් සැර පිළිතුරක්

පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බව වෛද්‍ය සාෆි සහබ්දී මහතා පවසනවා. කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව...

අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල්

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර...

හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා

තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...