27.2 C
Colombo
Tuesday, March 25, 2025

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

- Advertisement -

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර, එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වියදම් මුදල් තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා. 

එමෙන්ම මැතිවරණය සඳහා ලබා දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී යම් යම් සුළු අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති නාමයෝජනා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබුණා.

ඒ සම්බන්ධව උසාවි මාර්ගයෙන් තීරණයක් ගැනීමට කටයුතු නොකර මැතිවරණ කොමිසම මැදිහත් වී එම සුළු අඩුපාඩු ඇති නාමයෝජනා පත්‍ර නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ මහලේකම්වරුන් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යුරෝපයට පනින්න මෙරට රැඳී සිටි බංගලියන් 10ක් අත්අඩංගුවට 

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ඇමති නිල නිවාස කමිටු වාර්තාව භාරදීලා

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා. රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න...

දෙවුන්දර වෙඩිතැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු පෙරේදා (23) අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES