30 C
Colombo
Monday, April 21, 2025

හරිනි IMF අතර හමුවක්

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ  නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  මෙම හමුව සිදු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කළ නිවේදනයේ සඳහන්.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. 

එමෙන්ම, ඉදිරියේදී මතුවිය හැකි  ආර්ථික අභියෝග, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළයුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු වී තිබෙන බව පැවසෙනවා. 

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි,  ශ්‍රී ලංකාව සඳහා IMF හි නව මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ,  ආසියා සහ පැසිෆික් කළාප සඳහා IMF හි නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය පන්ත්,  ශ්‍රී ලංකාව සඳහා හිටපු  මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර් , IMF නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිචෙල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, යන මහත්මමහත්මීන්,  විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...