25 C
Colombo
Monday, November 18, 2024

ජනපති හා IMF නියෝජිතයින් අතර හමුවක්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවගේ ගැටලු විසඳිය හැකි සහ මහජන විශ්වාසය ස්ථාපනය කළහැකි සමබර ප්‍රවේශයක අවශ්‍යතාවය තමා ඉස්මතු කළ බවයි.

ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත අයට සහායවීම, දැඩි ප්‍රතිසංස්කරණ ඔස්සේ දුෂණය ට එරෙහිවීම තම අරමුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට ජනපතිවරයා දැනුම්දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද...

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන...

POPULAR ARTICLES