හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබුණා
“අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට අමතකයි.
මම ඔබ සැමට මගේ හෘදයාංගම කෘතඥතාව සහ ආදරය පිරිනමනවා. කරුණාකර මා සහ මගේ පවුලේ අයවත් ඔබගේ යාච්ඤාවල තබාගන්න” යනුවෙන්
ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (24) පැවති තරගයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තමිම් රෝහල් ගතකරනු ලැබුවා.
ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කරනු ලැබු අතර තමීම් රෝහලට රැගෙන යන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද තහවුරු කළා.
වසර 15කට වැඩි කාලයක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩාකළ තමිම් ජාත්‍යන්තර ලකුණු 15,000කට වඩා රැස්කර තිබෙනවා.
ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වය යටතේම ශතක 25කට වඩා රැස්කර ඇති තමිම්, අදටත් සියලුම ආකෘතිවලින් ශතක රැස්කළ එකම බංග්ලාදේශ පිතිකරුවායි.