27.7 C
Colombo
Saturday, November 23, 2024

අස්වැසුමට ඉල්ලුම් කරන අයට පණිවිඩයක්

- Advertisement -

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමටද අවස්ථාව ලබා දෙන බවයි.

අස්වැසුම දෙවන අදියරේ නිවසට පැමිණ තොරතුරු එකතු කිරීමේ සංගණනය ලබන මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ඊට පෙර අස්වැසුම සඳහා මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් අනිද්දා සිට ලබන මස 02 වැනිදා දක්වා කාලය තුළ නියමිත අයැදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතු වනවා.

අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මීට අමතරව පළමු අදියරට අයැදුම් කළ තැනැත්තන්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයැදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාර දිය යුතුයි.

අනිද්දා සිට ලබන මස 15 වනදා දක්වා මේ සඳහා අවස්ථාව හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.

අස්වැසුම දෙවන අදියර සඳහා ලැබී ඇති අයැදුම්පත්‍ර සංඛ්‍යාව 455,000ක්.

පළමු අදියර යටතේ පුද්ගලයින් දාහත් ලක්ෂකට සුබ සාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සිදු කරනු ලබනවා.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්ගේ දීමනාව අස්වැසුම බැංකු ගිණුමට බැරකිරීමට පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එම පවුල්වලට අයත් වයස අවුරුදු 70 ට වැඩි, පුද්ගලයින්ගේ මේ මාසයට අදාල රුපියල් තුන් දහසක වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුමට මගින් ලබාගත හැකි බවයි.

පුද්ගලයින් 511,086කට අස්වැසුම යෝජනා කමය යටතේ දීමනාව හිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කොස්ලන්දේදී ගෙල කපා පුද්ගලයෙක් ඝාතනය කරලා

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා, පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති...

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...

සුව ඇමති සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු පළමු වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (22) දින සාකච්ඡා...

POPULAR ARTICLES