එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර තිබෙනවා.
මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.
අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වනවිටත් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.
මෙම ඝාතනය සිදුකළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Related

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණ දඬුවම නියමවී 35 වසරක් සැඟව සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 1989 වසරේදී අතුරුගිරිය, වැල්ලව ප්‍රදේශයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තත්ත්ව පරීක්ෂකවරයයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණා. අදාළ පුද්ගලයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට…

කොළඹ වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථ රියදුරෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ත්‍රිරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවයි. කොළඹ, වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක…

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනෙක්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 80ක් වූ සික්කු හේවගේ පියදාස ඩයස් දෙදරු පියෙක්.ෙපැපිලියාන ප්‍රදේශයේ…