30 C
Colombo
Thursday, November 7, 2024

මදුෂ්ගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන අධිකරණයට මෝසමක්

- Advertisement -

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා.

මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ එම මෝසමට අනුව මෙම නඩුකරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මිය ගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බව සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණ සේවා කොමිසම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අදාළ ව එවැනි නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි. 

නමුත් අගතියට පත් පාර්ශ්වයට අවශ්‍ය නම් අදාළ ආයතන වෙත ගොස් පැමිණිලි කර විමර්ශන ඉල්ලා සිටීමට හැකියාවක් තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මාලිගාවත්ත පොලීසියට නියෝග කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලේ

වෙන්නප්පුව, කිඹුල්ගාන ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අදාල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි...

අනුර පත්කළ සභාපතිට එරෙහිව සේවක සේවිකාවන් පාරට බැහැලා

ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ ඊයේ (06) යාපනයේ දී විරෝධතාවයක...

PAYE Tax එක අඩුකරනවා – අනුර

උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) හි අනිවාර්යය සංශෝධනයක් ඉදිරි අයවැය මඟින් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය යහපත් සංශෝධනයක් වනු...

POPULAR ARTICLES