කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (21) සවස් කාලයේ එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
එලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.
එම ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු විසින් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැකපළ කරනවා.
සැකකරු ඝාතනය සිදුකර මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් තිබෙනවා.
ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.