28.4 C
Colombo
Monday, October 7, 2024

තරුණයෙක් සමඟ හෝටලයට ආ 16 හැවිරිදි දැරියෙකගේ නිරුවත් සිරුරක් සොයා ගැනේ

- Advertisement -

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයක තරුණයෙකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලීසිය කියා සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියෙකි.

මියගිය දැරියගේ තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ ඊයේ (06) සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ඉල්ලා ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව හෝටලය විසින් තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබාදී තිබෙනවා.

පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇති බවයි.

16 හැවිරිදි දැරිය සමඟ සිටි තරුණයා සොයා පුළුල් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

වනඅලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට

අද (07) පාන්දර පොළොන්නරුව - බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නැමැති තරුණයෙක්. එම තරුණයා...

නිලන්ත පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරලා?

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය,...

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ...

POPULAR ARTICLES

හර්ෂ ද සිල්වාට පක්ෂයෙන් සුපිරි කැපිල්ලක්

0
සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට පක්ෂ නායකත්වයෙන් කෙනෙහිලිකම් රැසක් සිදුවන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. මීට...

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

නව සන්ධානයේ නායකයා මෙන්න

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ වනවිට විපක්ෂයේ...