26 C
Colombo
Wednesday, March 19, 2025

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක්

- Advertisement -

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳ පොළක් බිහි කිරීම සඳහා සහ ආයෝජන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමේ අරමුණින් විනිවිදභාවයකින් යුත් සහ දරා ගත හැකි බදු ක්‍රමයක් ඉලක්ක කර ගනිමින් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.

එහෙත්, එම කාර්යය සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම හෝ එම කමිටුවේ කාර්යභාරය නිර්ණය කිරීම සිදු කර නැහැ.

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන යෝජිත කාර්යය නිර්ණය අනුදේශ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව, එම කාර්යය නිර්ණේය අනුදේශ සඳහාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව පත් කිරීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා. අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය...

නිලධාරීන්ගේ පහරදීමකින් රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබෙනවා. අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් රැඳවියන් දෙදෙනෙකුටයි. අයිස්...

වැලිකන්ද හිටපු OIC අල්ලන්නැයි නියෝගයක්

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්. අන්සර් සදාත් මහතා පොලිසියට අද (18) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES