ආදි වාසීන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදීම සඳහා නව රෙගුලාසි සහ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු ලබන 23 වනදා වන විට අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් වූ කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ, වන ජීවී හා ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා නීති සකස් කිරීමේ කමිටුව අද (11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එම කමිටුව රැස්වූ අවස්ථාවේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද සහභාගි වී ඇති බව සඳහන් වනවා.