පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන මෙන් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් ඉල්ලා අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ක්වෝවොරොන්ටෝ රිට් ආඥාවක් රාජ්‍ය නිළධාරියෙකුට එම ධූරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමට යොදා ගනු ලබනවා.
ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ ,පළාත් සභාවේ ,නගර සභාවේ ,ප්‍රාදේශීය සභාවේ ධූරය දරන කෙනෙකුට එරෙහිව එම ධූරය දැරීමේ සුදුසුකම ප්‍රශ්න ගත කළ හැකියි.
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
අර්චුනා රාමනාදන් වෛද්‍ය නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වී නොමැති අතර ඒ හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර 2025 ජනවාරි 15 වැනි දින ඒ සඳහා කරුණු දැක්වීමට නියම කළා.
නීතිඥ එන්.කේ. ෂෙනාල් ප්‍රනාන්දු සමඟ අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටියා.