ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කර තිබෙනවා.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් මහත්මියයි පත් කර තිබෙන්නේ.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (06) පිරිනැමුණා.