කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කාඩ්පත නොමැතිව පොදු ස්ථාන වලට යාම සැප්තැම්බර් 15දා සිට තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්‍ය සාධක බලකාය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (13) දින පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹි බව ඔහු පවසනවා.
එමෙන්ම, පළාත් අතර සංචරණයද සති දෙකක් සඳහා තහනම් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
එමෙන්ම මෙම කාලය තුල අන්තර් පළාත් පොදු ගමනාගමන සේවාද අත්හිටිනු ඇති.