28 C
Colombo
Tuesday, October 22, 2024

මධ්‍යම සංස්කෘතික අරමුදලට අලුත් අධ්‍යක්ෂවරයෙක්

- Advertisement -

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරප්පාඩුව පවතිනවා.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියකට නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දී ඇති ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා එම තනතුර සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙන බවයි රජය පවසන්නේ.

ඒ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ආරක්ෂකයින් 163ක් ලිඛිතව ඉල්ලලා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අනුව...

නෙළුම් කුලුණේ සිදුවීමට අදාළ දැරියගේ දෙමාපියන්ගෙන් ප්‍රකාශයක්

නෙළුම් කුලුණෙන් පැන පසුගියදා සියදිවි හානි කරගත් පාසල් සිසුවියගේ දෙමාපියන් විසින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබද අදහස් දක්වා තිබුණා. නිවේදනයක් නිකුත් කරමින්...

අනුර ගැන විශ්වාසයක් තියෙනවා – කාදිනල් හිමි

නිරහංකාර සරළ ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

රත්තරන්ගේ බෑනගෙ ගෙදරින් මතුවු වාහන දෙක

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක්...