මහනුවර ශ්රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණා.
ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් වනවා.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10ක්.