29.2 C
Colombo
Wednesday, March 26, 2025

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරන සැලැස්ම යටතේ අලුත් ආයතනයක්

- Advertisement -

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම යටතේ රජයට අයත් වෙනම ආයතනයක් පිහිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරනවා.

සිය X ගිණුමෙහි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් මෙම ආයතනය පිහිටුවන බවයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (25) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පවත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ...

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු...

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් සඳහා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආවා. දැඩි ආරක්ෂක...

දේශබන්දු ධුරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව...

POPULAR ARTICLES

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත්...