28.5 C
Colombo
Monday, March 31, 2025

ආරක්ෂිත යැයි කියූ නව ගෑස් සිලින්ඩරයකුත් පිපිරේ

- Advertisement -

දිවයිනේ විවිධ ස්ථාන වලින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමඟ වෙළඳපොලට LP ගැස් සැපයීම පසුගියදා නතර කෙරුණු අතර නැවතත් ගෑස් ලබාදීම ඇරඹුනේ ආරක්ෂිත බව සහතික කළ ස්ටිකරයක් සහිත ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරවලින්ද පිපිරීමේ සිදුවීම් වාර්තා වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවයි.

මාධ්‍ය වෙත ඊයේ (09) අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවීම හැකි ඉක්මනින් නැවැත්වීම රජයේ අරමුණ බවය. 

ප්‍රශ්නය – හඟුරන්කෙතින් වාර්තාවෙනවා අලුත්ම ගෑස් සිලින්ඩරය පුපුරාගොස් තියෙනවා කියලා. 

“ඒ පිළිබඳව වාර්තාවෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවසන් පරීක්ෂණයෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේ ගෑස් සම්බන්ධ සිද්ධීන් පිළිබඳ මුලින් ආපු පණිවුඩ පස්සේ වෙනස් වුණ බොහෝ අවස්ථා තිබෙනවා. එවැනි සිද්ධීන් වාර්තා වෙනවා. පස්සේ පරීක්ෂා කරලා බැලුවහම තියෙන දේට වඩා වෙනස් දෙයක් තමා සිද්ධවෙලා තියෙන්නේ. කෙසේ හෝ සිද්ධියක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගෙන දැනුවත් කිරීමක් කරනවා. මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයට නිගමනයක් තමා කරලා තියෙන්නේ. සංයුතිය වෙනස් වීම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ අනුව දැන් ඒ සංයුතිය 30 – 70 ට ආපු ඒවා විතරයි වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළත් යම් දෙයක් සිද්ධවෙනවා නම් දීර්ඝ විමර්ශනයක් කළ යුතුව තිබෙනවා. දැනට අනාවරණය වු කරුණු අනුව විසඳුම් ලබාදීලා තියෙනවා.”

මේ අතර තවත් ගෑස් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, නිලධාරීන් විසින් පරීක්ෂණ සඳහා ගෑස් නියැඳි ලබාගෙන එහි වාර්තා ලැබීමෙන් පසු පමණක් ගෑස් ගබඩා කිරීමට අවසර ලබාදෙන්න ද යන්න තීරණය කරන බවය.

RECENT ARTICLES - SINHALA

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ඉන්ධන මිළ පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 309ක්ව පැවති...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

POPULAR ARTICLES

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

Breaking: ලාෆ් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වි...

අහසින් යන නීති සංශෝධනයක්

පළාලි ගුවන්තොටුපොළට විශේෂ අවධානයක් යොමු කරමින් එහි සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්...