වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) වෙත පවරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ ඔලුවිල් වරාය වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙනු ඇත.
මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.