ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ චීනය ලෙස සැලකෙන අතර, එහි විද්‍යුත් මෝටර් රථ සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමක්.
මේ වනවිට ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටිනවා.
චීන විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා තවත් සමාගමක් එක්වී තිබෙනවා.
ඒ චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගමයි.
එම සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය මෙම මස එළිදැක්වීමට නියමිත වන අතර, මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බවද සමාගම පවසනවා.
සියෝමි චීනයේ 5 වැනි විශාලම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම යි.