ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම ඖෂධය වන මෙය නමින් molnupiravir ලෙසින් හඳුන්වනු ලබන අතර Covid වෛරසය අඩපණ කිරීමට සහ වෛරසය මරා දැමීම සඳහා මෙය භාවිතා කර තිබෙනවා.
වෛද්‍ය උපදෙස් පරිදි දින 5ක කාලයක් molnupiravir ලබාගත යුතු බවයි සඳහන් වෙන්නේ.
මේ හරහා වෛරසය මරා දැමීමට එහි විකෘති නිර්මාණය කරන බැවින්, එය තවත් නව විකෘති Covid වෛරසයක් ඇතිවීමට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.