29 C
Colombo
Tuesday, March 18, 2025

වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක්

- Advertisement -

දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසා එකී පනත යටතේ නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් වූ නියෝග සෑදීමට අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට බලය පැවරී තිබෙන බව සඳහන්.

එම පනතේ 82(1) වගන්තිය අනුව අදාළ වන සෑම තැනැත්තෙකු විසින්ම නියෝග මඟින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් ” වත්කම් හා බැරකම්” ප්‍රකාශ කළ යුතු වනවා.

” වත්කම් හා බැරකම් ” යන්නෙන් ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත, සෘජුව හෝ අර්ථදායක ලෙස හිමි නියෝග මඟින් එහි විස්තර නියම කරනු ලැබිය යුතු වත්කම්, බැරකම්, ආදායම්, වියදම් සහ පොලී මුදල් අදහස් කරනු ලැබේ.

ඒ අනුව, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2025 දූෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

‘මෝල් කසුන්’ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන 04ක් සහ දෙදෙනකුට බරපතල තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත...

Booking.com එකත් එක්ක තරඟ කරන්න අපි අලුත් එකක් ගේනවා – විජිත

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන සංචාරකයින් මාර්ගගත ක්‍රමයට සිදු කරන හෝටල් කාමර වෙන් කිරීම සඳහා දැනට මෙරට තුළ පවතින එකම ආයතනය වෙනුවට නව ආයතන...

POPULAR ARTICLES