30 C
Colombo
Tuesday, October 15, 2024

Breaking : ශානි අබේසේකර යළිත් පොලීසියට

- Advertisement -

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනමට බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

මැතිවරණ කොමිසමද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබාදුන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (10) දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මකයි.

2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ කොළඹ අපරාධ කොට්ඨාශයට 2020 වසරේදී පැමිණිල්ලක් ගොනු කළා.

ඒ අනුව 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එවකට වැඩ තහනම්ව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබූවා.

ව්‍යාජ සාක්ෂි සැකසීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට මාස 10යි දින 08ක් බන්ධනාගාර ගතව සිටීම ට සිදුවුණා.


RECENT ARTICLES - SINHALA

ඉදිරි පැය 36 යේ කාලගුණය ගැන දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද...

චීන ජාතිකයින් 460ක් ගැන CID විමර්ශන

චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් මෙරට රැඳී සිටියදී ඉකුත් දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ...

දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ලබා ගැනීමට අනුමැතිය

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු වලට ප්‍රමුඛතාව ලබා...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...