24 C
Colombo
Tuesday, October 22, 2024

හාල් මිල ගැන අලුත් කතාවක්

- Advertisement -

සහල් මිල ඉහළ යාම පිළිබඳව රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරිය වගකීම් පැහැර හැර ඇති බවත් මිණිපේ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිසාන්ත අත්තනායක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, රට තුළ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු කාරණයක් නැති බවයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම රජය මගින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම මත මෙම තත්ත්වය උදාවී ඇති බව නිසාන්ත අත්තනායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවත් ඔහුගේ අවධානය මත කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මොල් හිමියන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් කළ යුතු බවත් එසේ නොමැතිව මෙම සහල් මාෆියාවට මුහුණ දීමට නොහැකි බවයි.

විශේෂයෙන්ම වර්තමාන රජයට පෙර පැවති රජයන් සම්පූර්ණයෙන්ම මෙම වගකීම ගත යුතු බව නිසාන්ත අත්තනායක මහතා සඳහන් කළා.

වර්තමාන රජයත් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු නොකළහොත් ඉදිරි මාස දෙක තුළ සහල් අර්බුදයක් ඇතිවීමට හැකි බවත් ඊළඟ අස්වැන්න කැපීමට ඇත්තේ ජනවාරි මාසයේ බැවින් මේ ඉදිරි මාස දෙක පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද ඔහු පවසනවා.

එසේ නොවුනහොත් අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ මල්වඩම් සිදුවිමේ විඩියෝ දර්ශන උසාවිය ඉල්ලලා

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම්...

ජල සැපයුම ගැන ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ...

කෘෂිකර්ම අමාත්‍යාංශයට ගත්ත ගොඩනැගිල්ලක් ගැන විමර්ශන

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බව ඉඩම්, කෘෂිකර්ම, පශූ සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්....

POPULAR ARTICLES

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Mr කොත්තුගේ බොරු නඩුවෙන් විමුක්ති නිදහස්

Mr කොත්තු අධිපති විරාජ් වික්‍රමනායක විසින් පවරා තිබු කප්පම් චෝදනාවකට අදාළ නඩුවෙන් විමුක්ති රණසිංහව නිදොස් කොට නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර...

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන...