32 C
Colombo
Monday, December 30, 2024

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ

- Advertisement -

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මෙම නව ප්‍රභේදය ප්‍රථමවරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කීපයක එක්ස්.ඊ.සී ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්ස්.ඊ.සී ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවැත එන්නක් වන බවත් සරත් සෘතුවේ පැතිරීමට උපකාර වන නව විකෘති කිහිපයක් එක්ස්.ඊ.සී සතුව වන බවට විශේෂඥයන් පවසන බව සඳහන්.

කෙසේ නමුත් එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් වන කේ.එස් 1.1 සහ කේ.පී 3.3 එකතුවී එක්ස්.ඊ.සී ප්‍රභේදය සැදී තිබෙන බව පැවැසෙනවා.

මේ දක්වා පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල එක්ස්.ඊ.සී ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයින් පවසනවා.

ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ එක්ස්.ඊ.සී ප්‍රභේදය ශීඝ්‍රයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බව පවසන විද්‍යාඥයින් අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එක්ස්.ඊ.සී ප්‍රභේදයට ඉතා ඉක්මණින් ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බවත් සඳහන් කරනවා.

ශීත සෘතුවේදී එක්ස්.ඊ.සී ප්‍රධාන උප ප්‍රභේදයක් විය හැකි බවට අනතුරු අඟව‍ා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

තවත් සහල් මෙට්‍රික් ටොන් 12,000ක් කොළඹට

සහල් මෙට්‍රික් ටොන් 12,000 ක් රැගත් කොළඹ වරායට ගොඩ බෑමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වෙළෙඳ පොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය...

මාධ්‍යයට වාරණ දාන්න කිසිම අදහසක් නැහැ – නලින්ද

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස...

ජනාධිපති අරමුදල අලුත් තැනකට

ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

........................................................................................................................................................................................................