ආසාදිත සෛල වලින් එච් අයි වී ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබෙනවා.
එම තාක්ෂණය මඟින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරනු ලබනවා.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි බවයි.
නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.
දැනට භාවිතයේ ඇති එච් අයි වී ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට නොහැකි වී තිබෙනවා.