ලෝක විවාහක රූ රැජිණ කිරුල බිම තැබූ කැරොලයින් ජූරි ගේ සටහනක් ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ 2021 අප්‍රියෙල් 26 / මැයි 3 කලාපට ඇතුළත් කර තිබෙනවා.
ටයිම් සඟරාව විසින් එහි ජනප්‍රිය විශේෂාංගය යටතේ ‘ෆෝ ද රෙකෝඩ්’ පිටුවේ කැරොලයින් ජුරීගේ මෙම ප්‍රකාශය ඇතුලත් කර තිබීමද විශේෂත්වයක්.
මේ අනුව ලෝක රූ රැජිණකගේ සටහනක් ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාවට ඇතුල් කළ පලමු අවස්ථාව මෙය වන අතර එහි ගෞරවය කැරොලයින් ජුරී හට හිමිවනු ඇති.
එසේම ටයිම්ස් සඟරාවට ඇතුළත් වූ පළමු ශ්‍රීලාංකිකයා වන්නේද කැරොලයින් ජුරී වන අතර එම ගෞරවයද ඇයට හිමිවනවා.
– යුගාන් සිල්වා –