30 C
Colombo
Thursday, November 14, 2024

දේශපාලකයින්ගේ ගිනි අවි ගැන දැනුම්දීමක්

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලීසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අයගේ ජීවිත ආරක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද හමුදාවෙන් නිකුත් කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතොරම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව අමාත්‍යාංශයට තොරතුරු අනාවරණය වී තිබෙන අතර අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත්තේ ඉන් අනතුරුවයි.

පසුගිය කාලයේදී ගිනි අවි නිකුත් කෙරුණු පුද්ගලයන්ගේ ලයිස්තුව දැනටමත් ලබාගෙන ඇති බවද වාර්තාවනවා.

එම වාර්තා පරීක්ෂා කරමින් ගිනි අවි භාර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

ඊශ්‍රායලය ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා....

POPULAR ARTICLES