24.8 C
Colombo
Thursday, November 28, 2024

අස්වැසුම ගැන දැනුම්දීමක්

- Advertisement -

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා  2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණා. 

නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

තවත් අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු පත් කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම්...

POPULAR ARTICLES

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. වර්ෂාවෙන් බාධා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...