25 C
Colombo
Monday, March 24, 2025

අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

- Advertisement -

මේ වසරේ පාසල් නිල ඇඳුම් රෙදි සිසුන් වෙත ලබාදී අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වසරේ නිළ ඇඳුම් රෙදි‍ෙඅවශ්‍යතාවයෙන් 100%ක් එනම් රුපියල් මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 12 ක් මෙරටට ප්‍රදානය කර ඇත්තේ, චීන රජය විසින් වනවා.

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව, නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක්.

රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුනට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීම 1992 වසරේ සිට අඛණ්ඩව සිදු කෙරෙනවා.

2015 වසරේ සිට 2020 වර්ෂය දක්වා නිල ඇඳුම් රෙදි වෙනුවෙන් වවුචර් පත් ලබා දෙනු ලැබුවා.

2023 වර්ෂයේ නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 70%ක ප්‍රමාණයක්ද 2024 වර්ෂයේ අවශ්‍යතාවයෙන් 80%ක ප්‍රමාණයක්ද මහජන චීන සමූහාණ්ඩුවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබි තිබුණා.

RECENT ARTICLES - SINHALA

අනතුරට ලක්වූ ජෙට් යානයේ සත් පුද්ගල කමිටු වාර්තාව

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා...

ප්‍රාදේශීය සභා 3කට නාම යෝජනා භාරගැනීම අද

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් ආරම්භ වනවා. එය අවසන් වන්නේ, 27 වැනිදා මධ්‍යහන 12 න්. එම ප්‍රාදේශීය සභා සඳහා ඇප...

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. රුපියල් මිලියන...

POPULAR ARTICLES

අනතුරට ලක්වූ ජෙට් යානයේ සත් පුද්ගල කමිටු වාර්තාව

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා...

ප්‍රදේශ කිහිපයකට සවස තද වැසි

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. බස්නාහිර සහ...