30 C
Colombo
Friday, November 1, 2024

කොළඹ – බදුල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

පවතින වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කල්පනාකාරීව රිය පදවන ලෙස බලංගොඩ පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා .

පොලීසිය පවසන්නේ බලන්ගොඩ බෙලිහුල්ඔය සහ ඕපනායක අතර කොටස දැඩි ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බවයි.

බලංගොඩ බල ප්‍රදේශයට අද (01) දහවල් සිට අධික වර්ෂාව පවතින අතර, රාත්‍රි සහ අලුයම් කාලයේ මාර්ගයේ ඇති තෙතමන තත්ත්වය හේතුවෙන් වංගු සහිත කඳු බෑවුම් ස්ථානවලදී වාහන අනතුරට ලක් වීමේ අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට නිරීක්ෂණය වෙන බව පොලිසිය සඳහන් කරනවා .

ඒ අනුව, රිය අනතුරු අවම කර ගැනීම සඳහා වේගය පාලනය කර රිය පදවන ලෙසත් වර්ෂාවත් සමඟ මිහිදුම් තත්ත්වයක් පවතින අවස්ථාවලදී වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසත් ජනතාවට පොලිසිය දැනුම් දෙනවා.

මේ අතර, පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය  කුමාර මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව නිවාස පරිශ්‍රයේ හා නිවාස අවට මතුපිට ජල වහන පද්ධතිය අවිධිමත් නිවාස හිමියන් වෙනත් අවදානම් කලාප වල නිවාස ඉදිකර ඇති නිවාස හිමියන්ට මෙසේ විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඒ මහතා පවසන්නේ.

 නම් කර ඇති  නාය යාම්  අධි අවධානම් කලාප වල සිටින පිරිස්    වර්ෂාව අධික අවස්ථාවලදී පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටිමින් තමන්ට ආසන්න  සුරක්ෂිත මධ්‍යස්ථානය හඳුනාගෙන සිටින ලෙසත් හදිසි අවස්ථාවලදී ඉවත්ව යාමට සිදුවුවහොත් දී ඇති උපදෙස් අනුව ආපදා මල්ල සූදානම් කර ගන්නා ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 නිවාස පරිශ්‍ර තුළ නිවාස අවට කානු පද්ධති තුළ බාධක අවහිරතා සොයා බලා ඒවා ඉවත් කරගන්නා ලෙසද නීත්‍යානුකූල ක්‍රම මගින් අවදානම් ගස් ඉවත් කර ගන්නා ලෙසද එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝර්ට් නිකුත් කිරිම ගැන දැනුම් දීමක්

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන්...

ආහාර විෂ වී පාසල් සිසුන් 13ක් රෝහලට

අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල් ගත කර තිබෙනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ හයවෙනි වසර ඉගෙනුම ලබන...

හාන්ස් විජයසූරිය ජනාධිපති උපදේශක තනතුරකට

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...