24 C
Colombo
Friday, January 3, 2025

ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ලාංකිකයින්ට දැනුම්දීමක්

- Advertisement -

ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ, එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි.

පවතින තත්වය මත ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 7400 ක් පමණ සේවය කරනවා.  

පවතින යුධමය තත්ත්වයත් සමඟ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, යළි ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා.

තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය ඔක්තොම්බර් 27 දින ආරම්භ කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES