31 C
Colombo
Saturday, September 21, 2024

අද ඡන්ද පොළට යන ඔබට දැනුම් දීමක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද (21) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබෙනවා.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ලියවිලි අතරින් ඕනෑම ලියවිල්ලක් ඔබට ඉදිරිපත් කළ හැකි අතර එවැනි ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා.

ඒ අනුව,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

යන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, මෙවර මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කළ යුතු ආකාරය පහතින්.

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ එක් කතිරයක් පමණක් යෙදීම, ඡන්දය භාවිත කළ හැකි වලංගු ක්‍රමයකි.

අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුය.

මනාප ප්‍රකාශ කිරීමේදී එක් අපේක්ෂකයකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර දෙදෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වලංගු වනු ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම තහනම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂයට ලියාපදිංචිය අද සිට

2023 උසස් පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්ව විද්‍යාල සදහා...

ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

ගෝඨාභයත් රටින් පිට වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි...