25 C
Colombo
Friday, October 25, 2024

නවසීලන්තයට යන්න ඉන්න අයට දැනුම්දීමක්

- Advertisement -

“තිරසාර නොවන” සංක්‍රමණ වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් රැකියා වීසා නීති දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට දැන් ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සපුරාලිය යුතු අතර ඔවුන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ වසර තුනක් පමණයි.

මීට පෙර එවැනි පුද්ගලයින් සඳහා වසර 5ක කාලයක් නවසීලන්තයේ රැඳී සිටීමට අවසර තිබුණා.

“ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා මෙම රජයේ සැලැස්මට මෙරට ආගමන ක්‍රමවේදය නිවැරදිව පවත්වාගැනීම ඉතා වැදගත්,” ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් පැවසුවා.

පසුගිය වසරේ නවසීලන්තයට සංක්‍රමණය වූ සංඛ්‍යාව 173,000ක්.

දැඩි කර ඇති නීති යටතේ, බොහෝ රැකියා වීසා සඳහා අයදුම්කරුවන් කුසලතා සහ සේවා පළපුරුද්ද සම්බන්ධ වූ අවශ්‍යතා සපුරාලිය යුතු වනවා.

නවසීලන්ත බලධාරීන් පවසන්නේ, සංක්‍රමණිකයින්ට රැකියාවක් පිරිනැමීමට පෙර ඔවුන් නිශ්චිත අවශ්‍යතා සපුරා ඇති බව සහතික කිරීම හාම්පුතුන්ගේ වගකීම බවයි.

එසේම කඩිනමින් එරට පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව ලැබෙන ලෙස හඳුනාගත් වෘත්තීන් සඳහා තවත් වෘත්තීන් 11ක් එක් කිරීමට බලධාරීන් සැලසුම් කර තිබූ අතර එම සැලසුම අත්හැර දැමීමට ඔවුන් මේ වනවිට තීරණය කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...