මහ කන්නයේ වී මිලදි ගැනිමට අවශ්‍ය ගබඩා මේ වනවිට සූදානම් කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , වී අලෙවි මණ්ඩලය සතු තොග ගබඩා යුද හමුදාවේ සහයෝගය ඇතිව පිරිසිදු කරන බවයි.
මේ මස අවසන්වීමට පෙර වී මිලදී ගැනිමට හැකි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.