26.2 C
Colombo
Wednesday, March 26, 2025

සා.පෙළ විද්‍යාව පේපරේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම ව්‍යාජ නිවේදනයට අනුව,

මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇත.

ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂයට මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවේ.

එමෙන්ම ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින්ද අඩු කර තිබෙන අතර, විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිය.

ලෙස ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පවසනවා.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ.

එමනිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලාන්න යැයි එහි වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

දෙවුන්දර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

මාතර දෙවුන්දර ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකු ඉලක්ක කර ගත් වෙඩිතැබීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ මෝටර් රථයක් පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා. අදාළ සැකකටයුතු මෝටර්...

සජිත් එක්ක සජබට ගමනක් නැහැ – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගය කඩා වැටීමට ලක්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ඒ...

POPULAR ARTICLES