දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා සිටියේ, පසුගිය දිනවල සිදු වූ බොහෝ දුම්රිය අනතුරු වලට හේතුව දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී, රියදුරන්ගේ නොසැලකිලිමත් කම බවයි.
මෙම තත්වයට ආසන්නතම සිදුවීම වූයේ, වැලිගම – දෙණිපිටිය අතුරු මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රිය මාර්ගයට ඇතුලු කිරීමට යාමේදී දුම්රියේ ගැටී සිදු වූ අනතුරයි.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ පියා සහ පුතා මරණයට පත් වුණා.
පොලිසිය සඳහන් කළේ, අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, මව, දරු දෙදෙනා සහ ඥාති පුත්‍රයෙකු තුවාල ලබා ඇති බවයි.