25 C
Colombo
Sunday, March 16, 2025

අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

- Advertisement -

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන සඳුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්, මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාට තව දුරටත් නියෝග කර තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිදුවීමට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම පැවිදි වී සිටි පුද්ගලයෙක් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරු අනිද්දා(17) දක්වා රක්ෂිත  බන්ධනාගාරගත කෙරුණා.

සැකකරු විසින් පැහැර ගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.

RECENT ARTICLES - SINHALA

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

මුදල් වංචාවකට ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අත්අඩංගුවට

පොහොර සහනාධාර මුදල් වංචා කළ බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර...

POPULAR ARTICLES

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා. ඒ,...