29.2 C
Colombo
Friday, November 22, 2024

මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් පිපිරී ධීවරයන් දෙදෙනෙකුට තුවාල

- Advertisement -

මුහුදේ පාවෙමින් තිබූ පාර්සලයක් විවෘත කිරීමේදී එය පුපුරා යෑම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙක් ඊයේ (21) බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ, මන්නාරම පනංකට්ටු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එස්. රමේෂ් සහ ඒ. ආරෝග්‍යනාදන් නමැති ධීවරයින් දෙදෙනෙක්.

අනතුරින් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම ධීවරයින් දෙදෙනා මසුන් අල්ලමින් සිටියදී මුහුදේ පාවී පාර්සලයක් ඔවුන් කරා ළගා වී ඇති අතර, එක් ධීවරයෙකු එය අහුලා ගෙන විවෘත කිරීමේදී පාර්සලය පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, පුපුරා ගිය පාර්සලයේ අඩංගු වූයේ කුමන ද්‍රව්‍යයක්ද යන්න පිළිබඳව තොරතුරු මෙතෙක් හෙළි වී නැහැ.

මන්නාරම පොලිසිය හා නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

POPULAR ARTICLES