ජපානයේ සිට අමෙරිකාව දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙක් ගුවන් සේවිකාවකගේ අත සපාකෑම හේතුවෙන් එම ගුවන් යානය නැවත ටෝකියෝ ගුවන් තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වනවා.
අමෙරිකානු ජාතිකයෙක් වන 55 හැවිරිදි එම ගුවන් මගියා බීමත්ව සිටි බවත් සඳහන් වනවා.
එම පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ, තමා නිදි පෙත්තක් ගත් බවත් සිදුවූ කිසිවක් තමාට මතක නැති බවයි.
ඒ වන විට මගීන් 159ක් සිටි එම යානය පැසිෆික් සාගරයට ඉහළින් පියාසර කරමින් තිබූ බව බලධාරීන් පවසනවා.